FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

බුලත් කොළයේ ජයග්‍රහණය උපන් බිමේ විජයග්‍රහණයයි - ජනපති

බුලත් කොළයට ලබා දෙන ඡන්දය උපන් මවුබිම වෙනුවෙන් කරන යුතුකම් ඉටු කිරීමක් බවත් පරාජිත දේශපාලන පක්ෂවලට ඡන්දය දීම මවුබිම වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් පැහැර හැරීමක් වන බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

මාතෘභූ®මියේ ඒකීයත්වය ආරක්ෂා කැර ගනිමින් අභිමානවත් මෙන් ම සමෘද්ධිමත් රටක් ගොඩනැංවීමේ වගකීම නිසි ලෙස ක්‍රියාවට නැංවූ එකම ආණ්ඩුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බවද, මාතෘභූ®මියට ආදරය කරන කිසිවකුට එම වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කළ නොහැකි බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කෙළේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ දී ඉකුත් සිකුරාදා පැවැති මහජන රැලිය අමතමිනි.

පෞද්ගලික අරමුණු පසෙකලා පොදුවේ එක්වී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවා මාතෘභූ®මිය දිනවීමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බවත් ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

සුනිල් දයා අල්විස්

No comments:

Post a Comment