FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

සුබවාදී ප්‍රාර්ථනා සපිරි නව වසරක් වේවා - ජනාධිපතිතුමාගෙන් නව වසරට සුබ පැතුම්


නව වසරක් උදා වෙන මේ මොහොතේ අප අනාගතය දෙස බලන්නේ අධිෂ්ඨානය, දැඩි කැපවීම හා සුභ බලාපොරොත්තු රාශියක් පිළිබඳ නැවුම් හැඟීම් සමඟය. එබඳු සුබවාදී ප්‍රාර්ථනා ඇති කර ගැනීමට අවශ්‍ය නිදහසත්, සාමයත් අප මාතෘ භූමියේ මේ වන විටත් ගොඩනගා ගැනීමට හැකිවීම අප ලද විශාල ජයග්‍රහණයකි.

ඉදිරියේ අප වෙත ඇත්තේ අප රට ලෝකයේ ඉහළට ඔසවා තැබීමේ දැවැන්ත අභියෝගය යි. පංච මහා කේන්ද්‍රයන් පෙරටු කොටගත් සංවර්ධන ඉලක්කයන් වෙත යෝධ පියවර රාශියක් තබන වසරක් ලෙස මේ නව වසර අපි හඳුන්වමු. එසේ ම විජයග්‍රහණය ලැබීම සඳහා පසුගිය පස් වසරේ දී අප කළ කැප කිරීම් මේ වසරේ දී දෙගුණ තෙගුණ කළ යුතු බව මම විශ්වාස කරමි.

එමඟින් දශක තුනකටත් වඩා වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකික ජන ජීවිතයට අහිමි ව ගිය දේ යළි ඉක්මනින් ලබා දීම අප අරමුණ වේ. සැමට එක ලෙස ආර්ථික ප්‍රතිලාභ හිමිකර දී රටේ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට ලැබෙන සෑම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගැනීම මේ වසරේ අප ප්‍රාර්ථනාව ය.

මතෘ භූමිය එක්සේසත් කිරීමේ දී මෙන්ම රට සංවර්ධනය කිරීමේ දී වැදගත් ම සාධකය වන්නේ ජාතික සමගිය යි. එබැවින් සියලු විරසකකම් අමතක කොට එක් ව නැගි සිටිය යුතු කාලය එළඹ තිබේ. සහජීවනය අහිමි කිරීමෙන් ජනතාවත්, රටත් පෙරළිමට පෙළ ගැසී සිටින සියලු කුමන්ත්‍රණ පරාජය වන්නේ එවිට ය.

අපි දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කොට රටේ ජනතාව තුළ දැඩු අනෝන්‍ය අවබෝධයක් හා ර‍ට ගොඩනැගීම පිළිබඳ විශ්වාසයක් ගොඩනැගුවෙමු. වඩ වඩාත් එය තහවුරු කිරීම නව වසරේ අප ප්‍රාර්ථනා අතරට එක් කළ යුතුයි. එසේ ක්‍රියාකරමින් ලැබුවා වු නව වසර ජාතියේ විජයග්‍රාහී වසරක් බවට පත් කිරීමට සැමට ශක්තිය ධෛර්යය ලැබේවා යි මම ප්‍රාර්ථනා කරමි.

සමාජීය හා ආර්ථික ජයග්‍රහණයන් සඳහා ශ්‍රී ලාංකික අප සියල්ලන් ම අත්වැල් බැඳගත යුතුයි - අග්‍රාමාත්‍යවරයාගෙන් නව වසරට සුබ පැතුම්


'සමාජීය හා ආර්ථික වශයෙන් ඒ සියලු ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමට නම් නො බෙදුණු දේශයක, නො බෙදුණු ජාතියක් වශයෙන් ශ්‍රේෂ්ඨත්වයේ පරිපූර්ණ උදාර ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියල්ලන් ම අත්වැල් බැඳගත යුතු බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසයි.

මේ උදාවන්නේ සශ්‍රීකත්වයේ වසර බවත් වසරක් ගෙවී ගොස් නව වසරක් උදාව යනු ජීවිතය පිළිබඳ අලුතින් සිතන්ටත්, සිතුවිලි නව මානයකට රැගෙන යන්නටත් සොබාව දහම විසින් මිනිසුන් වෙත ලබාදෙන අගනා තිළිණයක් බව අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කරයි.

එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

'උදා වූ 2011 අභිනව වසර තුළ ශ්‍රී ලංකා‍වාසීන් වන සමස්ත ජනතාවටත්, පොදුවේ සඵල කරගත යුතු අපේක්ෂාවන් ද, තනි තනි පුද්ගලයන් ලෙස අත්පත් කර ගත යුතු ජයග්‍රහණයන් ද බොහෝ වෙතැයි මම සිතමි. පුද්ගලාර්ථය තුළ තම දියුණුව වෙත ළඟා වීමට අවැසි පසුබිම සලසා ගන්නා අතර ම ඒකීය රටක් හා එක ම ජාතියක් ලෙස යෝජිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවැසි ශක්තියක්, එකමුතුකම හා මාතෘභූමියේ ගරුත්වයත් ආරක්ෂා කර ගැනීමට අප මේ මොහොතේ තරයේ අදිටන් කර ගත යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' අනුව සශ්‍රීකත්වය කරා යන මාවතේ මල්ඵල නෙළන වර්ෂය ලෙස මෙම නව වසර හැඳින්විය හැකි බවත් එක් පසෙකින් රටතුළ මහා පරිමාණයේ ව්‍යාපෘති ආරම්භ කෙරෙන අතර අනිත් පසින් ඇරඹි ව්‍යාපෘතීන්හි භුක්තිය ජනතාව අතර බෙදීයාම ද මේ නව වසර තුළ සිදු වන බවත් තම විශ්වාසය බව බව ඒ මහතා පෙන්වා දෙයි.

2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය ද සැමරෙන 2011 වර්ෂය ලක්වැසියන්ට මෙන් ම ලෝවැසි බෞද්ධ ජනායාට ද වඩාත් සුවිශේෂි එකක් වන අතර, ඒ පෙරටු කොට සැබෑ බෞද්ධයන් ලෙස අර්ථාන්විත දිවි පෙවතකට හුරුවීමට ද අප සිහිතබා ගැනීම වැදගත් වේ. සර්ව ආගමික සංහිඳියාවක් තුළින් ජාතියක් ලෙස ක්‍රියාකළ යුතු අතර ඒ සඳහා වන අධ්‍යාත්මක ගුණ වගාවන් තම බැතිමතුන් අතර ප්‍රචලිත කරවීමේ පරම වගකීම සර්ව ආගමික පූජ්‍ය පක්ෂය වෙත පැවරෙන බව මම විශ්වාස කරමි.

ඔබ සැමට සුබ නව වසරක් වේවා.!

Enshrine peace & love in your hearts - ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! - President


The purpose of celebrating Christmas is to enshrine the message of peace and love in one's heart, stated President Mahinda Rajapaksa in his Christmas message.

Following is the message:

I wish a Happy Christmas to all Sri Lankans and citizens of the world who celebrate the birth of Christ at this Christmas!

The purpose of celebrating Christmas is to enshrine the message of peace and love in one's heart. It is especially a time to spread the message of love and compassion towards the poor and peace among all peoples.

Our great commitment in the recent past to promote solidarity among communities, is in keeping with the teaching of Christ to 'love thy neighbour'. Our efforts to free our people from poverty have been appreciated by Christians and those of all other faiths, alike.

Christ taught that, whosoever shall receive a child in my name receiveth me. Christian tradition holds that the three kings came to worship the new born child guided by the star light that marked his birth. Similarly, we must bring the joyous message of Christmas closer to the hearts of our children. Thus, we will be able to come closer to the peace and love of Christ through Christmas.

I wish you all a Happy Christmas filled with peace and joy.

ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! - ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජේසු සමිඳුන්ගේ උපත සමරන මේ නත්තල ශ‍්‍රී ලාංකිකයින් සේ ම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! යි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවර නත්තල වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප‍්‍රාර්ථනා කරයි.
ජනාධිපතිතුමාගේ නත්තල් සුබ පැතුම් පණිවිඩයෙහි මෙසේ ද සඳහන් වේ.

"නත්තල සැමරී‍මෙන් අදහස් කරනුයේ සාමයේත්, දයාවේත් පණිවිඩය හදවත් තුළ තහවුරු කිරීම ය. විශේෂයෙන් දිළින්දන් වෙත කරුණාවත්, දයාවත් සියලු ජාතීන් අතර සාමයත් පැතිරවීම නත්තල සැමරීමෙන් සිදුවිය යුතු ය.

පසුගිය වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය තහවුරු කිරීමට අප කළ අති දැවැන්ත කැප කිරීම "අසල්වැසියාටප්‍රේම කරන්න" යැයි ජේසු සමිඳුන් දෙසූ දහමට ද අනුකූල වන්නකි. ශ‍්‍රී ලාංකීය ජනතාව දිළිඳුකමින් ගලවා ගැනීමට අප දරන්නාවූ ප‍්‍රයත්නය කිතුණුවන්ගේ සේ ම සියලු ආගමිකයන්ගේ ද ප‍්‍රසාදය ලබා ඇත්තේ ය.

"ජේසු සමිඳුන් දේශනා කළේ මාගේ නාමයෙන් දරුවකු පිළිගන්නා තැනැත්තා මා පිළිගන්නේ ය" යනුවෙනි. ජේසු සමිඳුන් උපත ලැබූ මොහොතේ තරු එළියෙන් මඟ සොයමින් උන්වහන්සේ පිදීම සඳහා රජවරුන් තිදෙනෙකු පැමිණි පුවත කිතුණු ඉතිහාසයේ සඳහන් ය. එසේම මෙම නත්තලේ දී ද සතුටේ සොම්නසේ පණිවුඩය කුඩා දරුවන්ගේ හදවත් වෙත අප ළං කළ යුතු ය. නත්තල සමරා ජේසු සමිඳුන්ගේ සාමය, දයාව වෙත අපට ළං විය හැක්කේ එසේ කිරීමෙනි.

ඔබ සැමට සාමය, සතුට, සොම්නස සපිරි සුබ නත්තලක් වේවා! යි මම ප‍්‍රාර්ථනා කරමි."

ආටෝපයෙන් තොර නත්තලක අසිරිය විඳීමට එක්වන්න


විසිතුරු, අලංකෘත, ආටෝපගත නත්තලක් වෙනුවට කිතු සමිඳුන්ගේ ආදරය සියල්ලන් අතර බෙදාහදා ගන්නා සැබෑ නත්තලක අසිරිය විඳීමට එක්වන්නැයි අගමැති දි. මු. ජයරත්න මහතා නත්තල් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජන්මෝත්පත්තියෙන් වසර දෙදහස් දහයකින් පසුව එළඹෙන මේ අසිරිමත් නත්තල ශ්‍රී ලංකාවාසී කිතුනු බැතිමතුන් හට වඩාත් සුවිශේෂී එකක් වනු ඇති බව මාගේ පූර්ණ විශ්වාසයයි. බහුතරයක් කිතුනුවන් වෙසෙන ලෝකයේ දකුණු ආසියානු කලාපය වෙනුවෙන් අතිඋතුම් කාදිනල්වරයෙකු තෝරාපත් කිරීමේදී ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ටත්, පොදුවේ ශ්‍රී ලංකා මාතාවටත්, ගෞරව බහුමානීත්වයක් සළකුණු කරමින් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් කාදිනල් ධුරයට ඔසවා තැබීම මෙවර නත්තල වෙනුවෙන් අපට ලැබුණු සුවිශේෂී ත්‍යාගයක් ලෙස මම සළකමි.

දෙවි සමිඳුන් යදින ශුද්ධ වූ දේවස්ථාන භූමියේ දී පවා කොයි මොහොතක හෝ ප්‍රභාකරන්ගේ මරණ වරෙන්තුව ලියවේ යැයි බියෙන් සැක සංකාවෙන් විවෘත හදවතකින් නත්තල සමරන්නට නොහැකිව ගෙවී ගිය නත්තල් දින කොතෙක් නම් අපට තිබිණිද? නත්තල් මහා දිව්‍ය පූජාවට සහභාගි වන්නට හෝ දේවස්ථාන කරා පැමිණීමට නොහැකිව මරණ බියෙන් වෙලීගිය නත්තල් දින, කොතෙක් නම් මෙරට කිතුනු ජනතාව ගෙවා දමා ඇත්ද? තිස් වසරක අහේතුක යුද්ධය විසින් අප වෙතින් උදුරා ගනු ලැබූ ඒ ආදරණීය නත්තල ජාති, කුල, ආගම්, බේදයෙන් තොර වඩාත් අර්ථාන්විතව සැමරිය හැකි වටපිටාවක් මේ වනවිට නිර්මාණය වී තිබේ.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ප්‍රමුඛ ත්‍රිවිධ රණසේවා විරුවන් තම ලේ, දහදිය, කඳුළු කැප කරමින් රට එක්සේසත් නොකරන්නට අපට තවමත් හුස්ම ගන්නට පවා සිදුවන්නේ අඩක් මළ මිනිසුන් ලෙසිනි. එහෙයින් මෙවර නත්තල් දිව්‍ය පූජාවේදී ඔවුන් වෙනුවෙන් ;මාහොතක් යාච්ඥා කරන්න! “දෙවියන් වහන්සේ ජීවමාන වන්නේ දිළින්ඳන්ගේ හදවත් තුළය” යන දේව වාක්‍යය යථාර්ථයක් බවට පත් කරමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේව සම්ප්‍රාප්තිය සඳහා දිළිඳු ගවලෙනක් තෝරා ගැනීමෙන් කිතු දහම අපට උගැන් වූ ගැඹුරු යථාර්ථය තම ජීවිත තුළට බද්ධ කර ගැනීමට හොඳම දිනය දැන් උදා වී තිබේ.

සාමය සමාදානය සපිරි සුබ නත්තලක් වේවා !

Battle against LTTE elements abroad will continue – President


Defeated terrorist elements have encamped in several foreign nations and their latest weapon is to defame our country and throw allegations at our war heroes accusing them of war crimes, stated President Mahinda Rajapaksa.
'We have already commenced the battle against them in the international sphere and are committed to continue it'. President Rajapaksa said so at the ceremonial passing out parade of Cadet officers at the Sri Lanka Military Academy (SLMA) in Diyatalawa (21 Dec).

We are now at a significant phase in the humanitarian operation. Our endeavour is to win hearts and minds after freeing the people and lands from terrorism. The humanitarian operation includes de-mining, resettlement and providing basic requirements among other tasks. All development programmes carried out in the North and East are part of the humanitarian operation, the President stated.

He stressed that this humanitarian operation will not stop until the painful memories of terrorism and all thoughts of separatism are
removed from people's hearts.

'You pass out today to contribute to this noble humanitarian operation', the President told the Cadet officers.

A person does not excel through talent and knowledge alone. Instead, the most important element is the love for one's country, he pointed out.
'The government not only lined up the security forces for the humanitarian operation but also organized the people against terrorism.

The government received tremendous support from the people in eliminating terrorism', he said.
'The highest tribute to these people is to ensure that terrorism does not raise its ugly head', he emphasized.

වෙල්ලමුල්ලිවයික්කාල්වලින් මානුෂීය මෙහෙයුම ඉවර වුණේ නෑ පරාජිත ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සටන ඇරැඹුවා ජනපති දියතලාවේ දී කියයි


ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නට විදේශයන්හි පොදිබැඳගෙන සිටින පරාජිත ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් සටනක් මේ වනවිට ආරම්භ කර තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.අපට ත්‍රස්තවාදයෙන් රට රැක ගැනීමට හැකි වූයේ රණවිරුවන් විනය ගරුක නිසා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා හමුදා නිලධාරියා හැමවිටම සිවිල් නීතියටත් හමුදා නීතියටත් යටත් බව සිහියේ තබා ගතයුතු යැයිද කීය.

වෙල්ලමුල්ලිවයික්කාල් වලින් ත්‍රස්තවාදය අතුගා දැමූ පමණින් මානුෂීය මෙහෙයුම අවසන් නැතැයි ප්‍රකාශ කරන ජනාධිපතිතුමා උතුරු නැඟෙනහිර ජනතාවගේ සිත්වලින් ත්‍රස්තවාදයේ අමිහිරි මතකයත් බෙදුම්වාදය පිළිබඳ හැඟීමත් පහව යන තුරු මානුෂීය මෙහෙයුම ඉදිරියටම යන බවද පැවසීය.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරින් 253 දෙනකු අධිකාරී ලබා විසිර යාමේ උළෙලට එක් වෙමින් ජනාධිපතිතුමා එම අදහස් පළ කළේ ය.මවුබිමත්, ජනතාවත් ත්‍රස්තවාදයෙන් මුදාගත් අපි අද ඒ ප්‍රදේශවල ජනතාවගේ හදවත් දිනා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින්නෙමු. ඒ අනුව මානුෂීය මෙහෙයුම සුවිශේෂී අදියරකට පැමිණ තිබෙන බවද ජනාධිපතිතුමා කීය.

යුද්ධයක් කළා නම් ත්‍රස්තවාදී නායකයා මියගිය පසු යුද්ධය නතර කරනවා. එහෙත් අප කළේ ත්‍රස්තවාදය නැතත් මානුෂීය මෙහෙයුම ඉදිරියට ගෙනයාම බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. හමුදා නිලධාරින් පුහුණුව ලබා විසිර යන්නේ තවමත් නොනිමි ඒ ශ්‍රේෂ්ඨ මානුෂීය මෙහෙයුමට දායක වන්නට බව පැවැසූ ජනාධිපතිවරයා සියලු ;දනා තමන්ගේ මවට මෙන්ම මාතෘභූමියටත් ආදරය කළ යුතු බවත් මවුබිමට ආදරය කරන්නා විශිෂ්ටත්වයට පත්වන බවත් සඳහන් කෙළේ ය.

ත්‍රස්තවාදයෙන් වසර තිහක් බැට කමින් සිට මානුෂීය මෙහෙයුමට අති දැවැන්ත සහයෝගයක් දුන් ජනතාවට කළ හැකි ලොකුම ගෞරවය වන්නේ යළිත් වතාවක් මේ මවුබිමේ ත්‍රස්තවාදය හිස එසවීමට නොදීම යැයි ද ජනාධිපතිවරයා පැවැසීය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහත්වරුන් උසස් හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

උපුටා ගැනීම දිනමිණ

Essay competition for school children under the theme “The new era of post-Independence Sri Lanka”

The Department of Government Information has organized an Essay Competition under the theme “The new era of post-Independence Sri Lanka” to mark the 63rd Independence Day celebrated protecting the country re-built with the end of three- decade old war for GCE O/L and A/L students. This essay incorporating the details of the Socio -economic changes that are taking place after the end of three decade old war in the country could be submitted in Sinhala , Tamil or English languages within 1000 words and students over 15 years of age could take part in this competition.

While the winner will be awarded with certificate and valuable prize, the winning essay will be published in the souvenir of the Government Information Department to mark the 63rd Independence Day celebrations.

The students who wish to take part in this essay competition under the theme “The new era of Post-Independence Sri Lanka” are requested to submit their own essays with the certification of the Principal of the school in which the they study to reach Director General of Information, Dept of Government Information, No 163 Kirullapone Avenue Colombo 05 on or before January 10, 2011 by registered post. On the top left corner of the Envelop it should be mentioned as ‘for Essay Competition”.
Further details could be obtained from the Departmental Website www.news.lk

Professor Ariyarathna Athugala
Director General of Govt. Information

Sri Lanka becomes the Indian Ocean Regional Hub of major Hotel Chains.

With tourism becoming a major economic activity in the country world class international hotel chains have come forward to make Sri Lanka their regional hub in the Indian Ocean Region. Six Senses Resorts and Spas is to establish its regional headquarters in Colombo to own and manage up to 200 million dollars in leisure assets in the region.

Thailand-based Six Senses Resorts chain is also building a 40 million dollar hotel in a joint venture with Sri Lanka's Aitken Spence group in the south western coast of the island, in Ahungalle. It also has a Spa at Heritance Kandalama featuring six indoor treatments rooms, including one exclusively for Ayurvedic treatment. Six Senses is also to manage the Dutch Bay Resort in Kalpitiya, which will cost 75 million dollars and consists 60 mangrove chalets – two-storey villas with plunge pools – and 20 luxury villas on the lagoon.

Commenting on their decision to make Sri Lanka their Regional Hub in the Indian Ocean region, the Managing Director of the Group Mr. Shivdasani has said that tourism will become a dominant part of the economy in Sri Lanka, and the country’s proximity to the Maldives, Andaman Islands and Mauritius made Colombo the obvious location to house the regional hub. He also said the ready availability of accountants and legal services in Sri Lanka also helped in the decision to locate the regional headquarters to Colombo

The Sri Lankan based unit of Six Senses chain will eventually own around 200 million dollars in equity in several projects in the Indian Ocean Region and also oversee resorts managed by Six Senses. The Resorts and Spa chain also has resorts and Spas in Thailand, Vietnam, Malaysia, Indonesia and in several Middle East and European countries. (niz)

President addresses Parliament





President Mahinda Rajapaksa arrived in Parliament this afternoon and took part in the final day committee stage debate of the Budget 2011 presented by himself on Nov 22.. This is the first time President took part in a debate as the 18th amendment to the Constitution pave the way for President to attend parliament once in three month.

Executive President is the head of the Cabinet and head of the Executive. According to 1978 Constitution he can address the Parliament or send any message to parliament any time. Former President Kumarathunga like the president Rajapaksa as Minister of Finance has presented budget in addition to making policy statement.

But the 18th amendment requires the President to attend Parliament once in three months. The Parliament recently reserved a seat in the Chamber for President. President delivered his address from the seat allocated for the President