FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

රට හදන අය වැය

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට සැකසූ

රට හදන අය වැය

රාජ්‍ය සේවයට උපාධිධාරින් 10,000ක්
රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් වැඩිවේ
රණවිරු පවුල් සුබ සාධනයට රුපියල් මිලියන 3000ක්

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ ගමනට අඩිතාලම දමමින්, ගමේ දියුණුවට මඟපාදන යෝජනා රැසකින් යුතු සංවර්ධනයට ජවසම්පන්න ධෛර්යයක් ලබාදෙන ජනතාවට උපරිම සහන ලබාදෙන අයවැයක් ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. වසර 2011 මේ රටේ මානව සම්පතේ උපරිම ප්‍රයෝජන රටට හිමිකර ගැනීම ඉලක්ක කළ, නව ආයෝජන හා දිරිගැන්වීම් ඔස්සේ රට වැසියන්ට දීප්තිමත් අනාගතයක් උරුම කිරීම අයවැයේ අරමුණ යැයි ජනාධිපතිවරයා කීය.

මෙවර අයවැයෙන් ජනතාවට සැලසෙන විශේෂ සහන මෙසේය.

  • මාධ්‍යවේදීන්ට අවශ්‍ය පරිගණක, කැමරා ආදී උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 50 ක්
  • ආගමික ස්ථාන රජයේ රෝහල්, පාසල්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සහ විශ්වවිද්‍යාලවල විදුලි ගාස්තු සියයට 25 කින් පහළට.
  • ජාතික ක්‍රීඩා සංවර්ධන අරමුදලක්, ජාතික ලොතරැයියේ සහ සංචාරක හෝටල් කාමර ආදායමෙන් සියයට 10 ක් මෙම අරමුදලට.
  • අයවැයේ වැඩිම වියදම රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සංශෝධනවලටයි. එය රුපියල් මිලියන 33,000 කි.
  • පළාත් මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 20,000.
  • ආරක්ෂක සේවයේ නියුතුවූවන්ගේ සුබසාධනයට රුපියල් මිලියන 1200 .
  • විශ්වවිද්‍යාලවල පහසුකම් නැංවීමට රුපියල් මිලියන 1000.
  • විශ්වවිද්‍යාල ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වන සේ දියුණු කිරීමට රුපියල් මිලියන 600.
  • ත්‍රස්තවාදයෙන් බැටකෑ ජනතා සුබසාධනයට රුපියල් මිලියන 1000.
  • පර්යේෂණ හා තාක්ෂණික සංවර්ධනයට රුපියල් මිලියන 1000.
  • විදේශ රැකියා නියුක්තිකයින්ගේ් විශ්‍රාම අරමුදල ඇරඹීමට රුපියල් මිලියන 1000.
  • පුරවැසි විශ්‍රාම වැටුප් හා රක්ෂණ අරමුදල රුපියල් මිලියන 1000.
  • අත්හරින ලද වැඩ නිම නොකළ මහජන දේපොළ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 1000.
  • බෝනොවන රෝග වැළැක්වීමට රුපියල් මිලියන 900.
  • දිළිඳු ජනතාවට ආහාර සුරක්ෂිතතා කාඩ්පත ලබාදීමට රුපියල් මිලියන 750.
  • නැවත වගා කිරීම් දියුණු කිරීමට රුපියල් මිලියන 500.
  • සුළු වාරිමාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 300.
  • සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 750 ක්.
  • දියර කිරි ලීටරයකට රුපියල් 50 ක්.
  • පරිගණක වැට් බද්දෙන් නිදහස්.
  • ඖෂධ වරාය හා ගුවන් සේවා බද්දෙන් නිදහස්.
  • සේවක අර්ථ සාධක අරමුදල ආදායම් බද්දෙන් නිදහස්.
  • ශක්තිමත් විශ්වවිද්‍යාල පද්ධතියක්. මේ සඳහා රුපියල් මිලියන 600 ක්.
  • පොහොර සහනාධාරය එලෙසම බීජ ගොවිපල 19 ක් සංවර්ධනය කෙරේ.
  • වැවිලි සමාගම්වලට අයත්ව තිබෙන කුඩා ඉඩම් ජනතාවට.
  • කසළ කළමනාකරණය ක්‍රමවත් කිරීමට රුපියල් මිලියන 500 ක්.

No comments:

Post a Comment