FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

විස්මිත විජයග්‍රහණයට වසරයි


උතුරු නැඟෙනහිර කේන්ද්‍ර කොට දසක තුනක් තිස්සේ රට පුරා පැතිරී තිබූ කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කොට අදට (18) හරියටම වසරකි.

2006 ජූනි 26 වැනිදා නැඟෙනහිර මෙහෙයුම මාවිල්ආරුවෙන් ආරම්භ විය. කොටි ත්‍රස්තවාදීන් මාවිල් ආරු සොරොව්ව වසා දැමූ පසු එය මුදා ගැනීම සඳහා ආරක්ෂක හමුදාවෝ මෙහෙයුමක් ආරම්භ කළහ. අනතුරුව මේ මෙහෙයුම නැෙඟනහිර මානුෂීය මෙහෙයුම ලෙසින් කොටි ග්‍රහණයේ සිටි සාමාන්‍ය වැසියන් මුදා ගන්නා තෙක් දියත් කෙරුණි. නැඟෙනහිර පළාතේ තිබූ සියලු කොටි බළමුළු විනාශ කර එම පළාත ආරක්ෂක හමුදා යටතට පත්විය.

පසුව උතුරු මානුෂීය මෙහෙයුම ආරම්භ විය. නැඟෙනහිර මෙන්ම උතුරේද කොටි බලහත්කාරයෙන් සිරකරගෙන සිටි ජනතාව බේරා ගනිමින් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම එම මෙහෙයුමේ අරමුණ විය.

ජනාධිපති සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාපතිවරු මෙහෙයුම ආරම්භ කළහ.

පැති පහකින් උතුරු ප්‍රදේශයට ඇතුළු වූ ආරක්ෂක බළ සේනාංක ඉදිරියටම යමින් 32 මාර්ගය ඒ 9, ඒ 35, පුනරින් , කිලිනොච්චි, මන්නාරම, පරන්තන්, අලිමංකඩ, මුහමලේ, පුදුකුඩිඉරිප්පු, ධර්මපුරම්, මුලතිව්, ඇතුළු සියලු කොටි බළ කොටු විනාශ කර කොටි නායකයෝ සැඟ වී සිටි නන්දිකඩාල් ප්‍රදේශයට ඇතුළු වී කොටි නායක ප්‍රභාකරන් ප්‍රමුඛ සමස්ත කොටි නායකත්වයම විනාශ කළහ.එම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගත්තේ පසුගිය වසරේ අද වැනි දිනකයි. මෙරට ජනතාව කාලයක් තිස්සේ බැට කෑ ත්‍රස්තවාදයෙන් එදා සම්පූර්ණයෙන්ම නිදහස් වූහ.

ලෝකයක් මවිතයට පත් කරමින් මෙරට ආරක්ෂක බළ සේනා ලබාගත් විජයග්‍රහණය සැමරීම අද රට පුරා සිදු කැරේ.

රටපුරා පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ලබන 20 වැනිදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික විජයග්‍රාහී උළෙල තාවකාලිකව කල් දැමීමට රජය තීරණය කර තිබේ.

මීට සමගාමීව පාර්ලිමේන්තු පිටියේදී පැවැත්වීමට තිබූ රණවිරු සැමරුම් උළෙලද තාවකාලිකව කල්දමා තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

කාළගුණ තත්ත්වය යහපත් වූ වහාම මෙම උත්සව පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

කාළගුණ තත්ත්වය අයහපත්වීම මඟින් ජනතාව දුක් විඳීන මේ මොහොතේ මෙවැනි උත්සවය නොපැවැත්වීම රජයේ මතයයි.

විජයානී එදිරිසිංහ හා චන්ද්‍රිකා පෙරේරා dinamina 5 18

No comments:

Post a Comment