FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

Each step taken for development a step towards freedom - President


Each step taken for development a step towards freedom - එක්සත් ජාතියක් ගොඩනැගීම නිදහස ආරක්ෂා කිරීමේ හොඳම මාර්ගයයි

President’s Independence Day Message-ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවුඩය

All Sri Lankans now have the opportunity to celebrate the 63rd Anniversary of Independence with much glory. The unlimited sacrifices for the freedom and independence of Sri Lanka make today's Independence Day celebrations one of great honour.

The aspiration of the nation is to make more meaningful the freedom won with much sacrifice.The first Prime Minister of Independent Sri Lanka, Rt. Hon. D. S. Senanayake taking over the nation said that freedom has been obtained to relieve the pain and increase contentment of the people regardless of ethnic, party or religious differences. This is the worthy aim of any nation that seeks freedom. It is of paramount importance to accelerate the work on nation building to fulfill this aim. The march towards making Sri Lanka the Wonder of Asia should speed up as each step taken for development is a step towards freedom.

We must set right the errors of both past and present in this march towards greater freedom. There is no victory we have won through divisions, which leads to the loss of freedom for us all. Therefore, building a united Sri Lanka is the best means by which freedom can be secured and given more meaning. We must .have the same commitment to building a united nation as we had in defending our country.

We are a nation with a heritage of glory.lt is filled with heroes who made great sacrifices for freedom. I take this opportunity to honor all those patriots.

එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම නිදහස ආරක්ෂා කිරීමටත්, අර්ථවත් කිරීමටත් තිබෙන හොඳ ම මාර්ගය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

63 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් එතුමා පවසන්නේ රට ආරක්ෂා කරගැනීමේ සටනේ දී ක්‍රියා කළා සේ ම එක්සත් ජාතියක් ගොඩනැගීමට ද අප එක සේ කැප වී වෙහෙ‍සී වැඩ කළ යුතු බවයි.

එම පණිවිඩයේ මෙසේ ද දක්වා ඇත.

‘ශ්‍රී ලංකා වාසී සැමට 63 වන ජාතික නිදහස් දිනය මහත් වූ අභිමානයෙන් යුතුව සැමරීමේ අවස්ථාව උදාවී තිබේ. අප මේ නිදහස් දිනය සමරන්නේ ශ්‍රී ලංකාද්වීපයේ නිදහසත් ස්වාධීනත්වයත් වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීමක් කිරීමට හැකිවීමේ අභිමානය ඇතිවය.

අති මහත් පරිත්‍යාගයන් සිදුකොට දිනාගත් නිදහස අර්ථවත් කළ යුතුය යන්න අද ජාතියේ ම ප්‍රාර්ථනයයි. නිදහස් ශ්‍රී ලංකාව භාරගත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා එදා ප්‍රකාශ කළේ ජාති, පක්ෂ හෝ ආගම් භේදයෙන් තොරව දුක අඩුකර සැප වැඩිකර ගැනීමට කටයුතු කිරීම සඳහා නිදහස ලබාගන්නා බවයි.

නිදහස දිනා ගන්නා සෑම ජාති‍යකගේ ම අරමුණ එයයි. ඒ අරමුණ සපුරා ගැනීමට නම් දේශය ගොඩනැගීමේ වැඩපිළිවෙළ වේගවත් කළ යුතුය. ආසියාවේ ආශ්චර්ය කරා යන ගමන තව තවත් වේගවත් කළ යුතුය. සංවර්ධනය සඳහා තබන සෑම පියවරක් ම නිදහස සඳහා තබන පියවරකි.

එසේ ම අප පුළුල් නිදහසක් කරා යන මොහොතේ අතීතයේත්, වර්තමානයේත් වූ සියලු අතපසුවීම් මගහරවා ගත යුතුය. බෙදී වෙන් ව සිටිමින් අප ලැබූ කිසිදු ජයග්‍රහණයක් නැත. බෙදීම, වෙන්වීම අප සියලු දෙනාගේ නිදහස අහිමිවීමට හේතුවන්නකි.

අප ප්‍රෞඪ ඉතිහාසයක් හිමි ජාතියකි. එසේ ම නිදහස වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ විරුවන්ගෙන් අප ඉතිහාසය පිරී පවතී. ඒ සියලු දෑ හිතකාමීන්ට මේ මොහොතේ මාගේ නොමඳ ගෞරවය පිරිනමමි.’

Mahinda Rajapaksa

No comments:

Post a Comment