FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

සන්ධානයේ පක්ෂ නියෝජිතයෝ දිස්ත්‍රික් මට්ටමින් රැස් වෙති

පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සංවිධාන කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියලු පක්ෂවල ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් අනිද්දා (17) දිස්ත්‍රික් මට්ටමින් රැස්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දිස්ත්‍රික් මට්ටමින් පත්කළ නාම යෝජනා මණ්ඩල මින් ඉදිරියට දිස්ත්‍රික් මැතිවරණ කමිටු ලෙස ක්‍රියා කළ යුතු බවයි.

ඒ අනුව එම මැතිවරණ කමිටු මගින් ලබන (17) ඒ ඒ දිස්ත්‍රික්කවල එ.ජ. නි. ස. යට අයත් දේශපාලන අධිකාරිය රැස්කොට මැතිවරණයේ මුහුණ පාන්නට තිබෙන ගැටලු සාකච්ඡා කොට සැලසුම් සකස්කර ගත යුතුව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය. ප්‍රචාරක වැඩසටහන් සිදුකිරීමේදී ගෙන් ගෙට ගොස් ජනතාව ඇමතීම අනිවාර්ය යැයි හෙතෙම අවධාරණය කළේ ය.

No comments:

Post a Comment