FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

මීළඟ දැයට කිරුළ අනුරාධපුරයේ ජනපති කියයි

අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත යුග මෙහෙවරක් ඉටු කරන “දැයට කිරුළ” වැඩසටහන ලබන වසරේ අනුරාධපුරයට ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) අනුරාධපුරයේ දී පැවසීය.

ජනාධිපතිවරයා එම අදහස් පළකළේ අනුරාධපුර ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති උතුරු මැද පළාත් ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ පැවැති විශේෂ සමුළුවක් අමතා කථා කරමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, මේ සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු මේ ජූලි මාසයේ සිට ආරම්භ කරන බවද කීය.

රටේ ජනතාවගේ උන්නතිය උදෙසා නිවැරැදි දේ කරන විට කවුරු කොහොම විවේචන කළත් අපි බය නැහැ. පසුබට වන්නෙත් නැහැ. ඒ අනුව සියලුදෙනාම රට වෙනුවෙන් තම යුතුකම් කරනවිට ඡන්දයක් බලාගෙන හෝ වෙනත් පටු චේතනා මුදුන්පත් කරගැනීම් වලින් තොරව තම යුතුකම ඉටුකරන ලෙසට ඉල්ලා සිටින බවද කීය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, අමාත්‍යවරුන් වන එස්. එම්’ චන්ද්‍රසේන, තිස්ස කරල්ලියද්ද, ඩබ්ලිව්. බී. ඒකනායක, නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහත්වරු ඇතුළු රාජ්‍ය අංශයේ හා පළාත් පාලන,, පළාත් සභා, නගර සභා නියෝජිතවරු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

No comments:

Post a Comment