FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

Enshrine peace & love in your hearts - ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! - President


The purpose of celebrating Christmas is to enshrine the message of peace and love in one's heart, stated President Mahinda Rajapaksa in his Christmas message.

Following is the message:

I wish a Happy Christmas to all Sri Lankans and citizens of the world who celebrate the birth of Christ at this Christmas!

The purpose of celebrating Christmas is to enshrine the message of peace and love in one's heart. It is especially a time to spread the message of love and compassion towards the poor and peace among all peoples.

Our great commitment in the recent past to promote solidarity among communities, is in keeping with the teaching of Christ to 'love thy neighbour'. Our efforts to free our people from poverty have been appreciated by Christians and those of all other faiths, alike.

Christ taught that, whosoever shall receive a child in my name receiveth me. Christian tradition holds that the three kings came to worship the new born child guided by the star light that marked his birth. Similarly, we must bring the joyous message of Christmas closer to the hearts of our children. Thus, we will be able to come closer to the peace and love of Christ through Christmas.

I wish you all a Happy Christmas filled with peace and joy.

ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! - ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජේසු සමිඳුන්ගේ උපත සමරන මේ නත්තල ශ‍්‍රී ලාංකිකයින් සේ ම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! යි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවර නත්තල වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප‍්‍රාර්ථනා කරයි.
ජනාධිපතිතුමාගේ නත්තල් සුබ පැතුම් පණිවිඩයෙහි මෙසේ ද සඳහන් වේ.

"නත්තල සැමරී‍මෙන් අදහස් කරනුයේ සාමයේත්, දයාවේත් පණිවිඩය හදවත් තුළ තහවුරු කිරීම ය. විශේෂයෙන් දිළින්දන් වෙත කරුණාවත්, දයාවත් සියලු ජාතීන් අතර සාමයත් පැතිරවීම නත්තල සැමරීමෙන් සිදුවිය යුතු ය.

පසුගිය වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය තහවුරු කිරීමට අප කළ අති දැවැන්ත කැප කිරීම "අසල්වැසියාටප්‍රේම කරන්න" යැයි ජේසු සමිඳුන් දෙසූ දහමට ද අනුකූල වන්නකි. ශ‍්‍රී ලාංකීය ජනතාව දිළිඳුකමින් ගලවා ගැනීමට අප දරන්නාවූ ප‍්‍රයත්නය කිතුණුවන්ගේ සේ ම සියලු ආගමිකයන්ගේ ද ප‍්‍රසාදය ලබා ඇත්තේ ය.

"ජේසු සමිඳුන් දේශනා කළේ මාගේ නාමයෙන් දරුවකු පිළිගන්නා තැනැත්තා මා පිළිගන්නේ ය" යනුවෙනි. ජේසු සමිඳුන් උපත ලැබූ මොහොතේ තරු එළියෙන් මඟ සොයමින් උන්වහන්සේ පිදීම සඳහා රජවරුන් තිදෙනෙකු පැමිණි පුවත කිතුණු ඉතිහාසයේ සඳහන් ය. එසේම මෙම නත්තලේ දී ද සතුටේ සොම්නසේ පණිවුඩය කුඩා දරුවන්ගේ හදවත් වෙත අප ළං කළ යුතු ය. නත්තල සමරා ජේසු සමිඳුන්ගේ සාමය, දයාව වෙත අපට ළං විය හැක්කේ එසේ කිරීමෙනි.

ඔබ සැමට සාමය, සතුට, සොම්නස සපිරි සුබ නත්තලක් වේවා! යි මම ප‍්‍රාර්ථනා කරමි."

No comments:

Post a Comment