FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

සමාජීය හා ආර්ථික ජයග්‍රහණයන් සඳහා ශ්‍රී ලාංකික අප සියල්ලන් ම අත්වැල් බැඳගත යුතුයි - අග්‍රාමාත්‍යවරයාගෙන් නව වසරට සුබ පැතුම්


'සමාජීය හා ආර්ථික වශයෙන් ඒ සියලු ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමට නම් නො බෙදුණු දේශයක, නො බෙදුණු ජාතියක් වශයෙන් ශ්‍රේෂ්ඨත්වයේ පරිපූර්ණ උදාර ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියල්ලන් ම අත්වැල් බැඳගත යුතු බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසයි.

මේ උදාවන්නේ සශ්‍රීකත්වයේ වසර බවත් වසරක් ගෙවී ගොස් නව වසරක් උදාව යනු ජීවිතය පිළිබඳ අලුතින් සිතන්ටත්, සිතුවිලි නව මානයකට රැගෙන යන්නටත් සොබාව දහම විසින් මිනිසුන් වෙත ලබාදෙන අගනා තිළිණයක් බව අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කරයි.

එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

'උදා වූ 2011 අභිනව වසර තුළ ශ්‍රී ලංකා‍වාසීන් වන සමස්ත ජනතාවටත්, පොදුවේ සඵල කරගත යුතු අපේක්ෂාවන් ද, තනි තනි පුද්ගලයන් ලෙස අත්පත් කර ගත යුතු ජයග්‍රහණයන් ද බොහෝ වෙතැයි මම සිතමි. පුද්ගලාර්ථය තුළ තම දියුණුව වෙත ළඟා වීමට අවැසි පසුබිම සලසා ගන්නා අතර ම ඒකීය රටක් හා එක ම ජාතියක් ලෙස යෝජිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවැසි ශක්තියක්, එකමුතුකම හා මාතෘභූමියේ ගරුත්වයත් ආරක්ෂා කර ගැනීමට අප මේ මොහොතේ තරයේ අදිටන් කර ගත යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' අනුව සශ්‍රීකත්වය කරා යන මාවතේ මල්ඵල නෙළන වර්ෂය ලෙස මෙම නව වසර හැඳින්විය හැකි බවත් එක් පසෙකින් රටතුළ මහා පරිමාණයේ ව්‍යාපෘති ආරම්භ කෙරෙන අතර අනිත් පසින් ඇරඹි ව්‍යාපෘතීන්හි භුක්තිය ජනතාව අතර බෙදීයාම ද මේ නව වසර තුළ සිදු වන බවත් තම විශ්වාසය බව බව ඒ මහතා පෙන්වා දෙයි.

2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය ද සැමරෙන 2011 වර්ෂය ලක්වැසියන්ට මෙන් ම ලෝවැසි බෞද්ධ ජනායාට ද වඩාත් සුවිශේෂි එකක් වන අතර, ඒ පෙරටු කොට සැබෑ බෞද්ධයන් ලෙස අර්ථාන්විත දිවි පෙවතකට හුරුවීමට ද අප සිහිතබා ගැනීම වැදගත් වේ. සර්ව ආගමික සංහිඳියාවක් තුළින් ජාතියක් ලෙස ක්‍රියාකළ යුතු අතර ඒ සඳහා වන අධ්‍යාත්මක ගුණ වගාවන් තම බැතිමතුන් අතර ප්‍රචලිත කරවීමේ පරම වගකීම සර්ව ආගමික පූජ්‍ය පක්ෂය වෙත පැවරෙන බව මම විශ්වාස කරමි.

ඔබ සැමට සුබ නව වසරක් වේවා.!

No comments:

Post a Comment