FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

වෙල්ලමුල්ලිවයික්කාල්වලින් මානුෂීය මෙහෙයුම ඉවර වුණේ නෑ පරාජිත ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සටන ඇරැඹුවා ජනපති දියතලාවේ දී කියයි


ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නට විදේශයන්හි පොදිබැඳගෙන සිටින පරාජිත ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් සටනක් මේ වනවිට ආරම්භ කර තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.අපට ත්‍රස්තවාදයෙන් රට රැක ගැනීමට හැකි වූයේ රණවිරුවන් විනය ගරුක නිසා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා හමුදා නිලධාරියා හැමවිටම සිවිල් නීතියටත් හමුදා නීතියටත් යටත් බව සිහියේ තබා ගතයුතු යැයිද කීය.

වෙල්ලමුල්ලිවයික්කාල් වලින් ත්‍රස්තවාදය අතුගා දැමූ පමණින් මානුෂීය මෙහෙයුම අවසන් නැතැයි ප්‍රකාශ කරන ජනාධිපතිතුමා උතුරු නැඟෙනහිර ජනතාවගේ සිත්වලින් ත්‍රස්තවාදයේ අමිහිරි මතකයත් බෙදුම්වාදය පිළිබඳ හැඟීමත් පහව යන තුරු මානුෂීය මෙහෙයුම ඉදිරියටම යන බවද පැවසීය.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරින් 253 දෙනකු අධිකාරී ලබා විසිර යාමේ උළෙලට එක් වෙමින් ජනාධිපතිතුමා එම අදහස් පළ කළේ ය.මවුබිමත්, ජනතාවත් ත්‍රස්තවාදයෙන් මුදාගත් අපි අද ඒ ප්‍රදේශවල ජනතාවගේ හදවත් දිනා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින්නෙමු. ඒ අනුව මානුෂීය මෙහෙයුම සුවිශේෂී අදියරකට පැමිණ තිබෙන බවද ජනාධිපතිතුමා කීය.

යුද්ධයක් කළා නම් ත්‍රස්තවාදී නායකයා මියගිය පසු යුද්ධය නතර කරනවා. එහෙත් අප කළේ ත්‍රස්තවාදය නැතත් මානුෂීය මෙහෙයුම ඉදිරියට ගෙනයාම බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. හමුදා නිලධාරින් පුහුණුව ලබා විසිර යන්නේ තවමත් නොනිමි ඒ ශ්‍රේෂ්ඨ මානුෂීය මෙහෙයුමට දායක වන්නට බව පැවැසූ ජනාධිපතිවරයා සියලු ;දනා තමන්ගේ මවට මෙන්ම මාතෘභූමියටත් ආදරය කළ යුතු බවත් මවුබිමට ආදරය කරන්නා විශිෂ්ටත්වයට පත්වන බවත් සඳහන් කෙළේ ය.

ත්‍රස්තවාදයෙන් වසර තිහක් බැට කමින් සිට මානුෂීය මෙහෙයුමට අති දැවැන්ත සහයෝගයක් දුන් ජනතාවට කළ හැකි ලොකුම ගෞරවය වන්නේ යළිත් වතාවක් මේ මවුබිමේ ත්‍රස්තවාදය හිස එසවීමට නොදීම යැයි ද ජනාධිපතිවරයා පැවැසීය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහත්වරුන් උසස් හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

උපුටා ගැනීම දිනමිණ

No comments:

Post a Comment