FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

ජනපති මහින්ද ශ්‍රේෂ්ඨ නායකයෙක් - ජෝර්ජ් ආර්. විලී

ත්‍රස්තවාදයක් පරාජය කර රට යළි එක්සේසත් කළ 21 වන සියවසේ දුටුගැමුණු ලෙස අනාගතයේ මේ රටේ ඉතිහාසය ඉගෙන ගන්නා දූ දරුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව හඳුන්වනු නොඅනුමාන යයි ඇමෙරිකාවේ ප්‍රකට නීතිවේදියකු වූ බිල් ක්ලින්ටන් පාලන සමයේ මෙන් ම වත්මන් ඔබාමා පාලනයේ ද නිල නොලත් උපදේශකයකු වන ජෝර්ජ් ආර්. විලී මහතා කීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇමෙරිකාවේ හූස්ටන් නගරයේ ඉකුත් දා කළ නිල සංචාරයේදී පැවැති පිළිගැනීමේ උත්සවයකදී හෙතෙම එසේ පැවැසීය.

ජනාධිපතිතුමාට දුටුගැමුණු කිරුළ පැළඳීමට කළ යුතු වන්නේ සිහිවටනයක් ගොඩනැඟීම බවත් ඒ සිහිවටනය දාගැබක් හෝ ගොඩනැඟිල්ලක් විය යුතු නොවේ යයි ද එය නව දර්ශනයක් අනුව ගොඩනැඟෙන නව ප්‍රතිපත්තියක් විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය. ජෝර්ජ් ආර්. විලී මහතා විසින් මෙම උත්සවයේදී පැවැත්වූ කතාව මෙසේ ද සඳහන් විය.

දෙමළ ජනතාව ගැන ඔබතුමා විශේෂයෙන්ම දැනගත යුතු දෙයක් ඇත.

ඒ ඔවුන් තම භාෂාව දේවත්වයෙන් සලකන බවය. බසට මේ තරම් ගෞරවයෙන් දක්වන සංස්කෘතීන් ලොව ඇත්තේ අතලොස්සක් පමණයි. නීතිඥයකු වශයෙන් පුහුණුවක් පරිචයක් ඇති ඔබතුමා මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී පෙරමුණ ගෙන ක්‍රියා කළ කෙනෙක්.

අප දෙදෙනාම එදා නීති විදුහලේ ඉගෙනුම ලැබුවා. එහිදී අපි සෝල්බරි ආණ්ඩු ක්‍රමය ද හැදෑරුවා. දැන් ඔබතුමාට පූර්ණ බලය තිබේ. පාර්ලිමේන්තුවට නීති වගන්ති ගෙන ඒමට ඔබතුමාට ක්‍රියා කිරීමට පුළුවන්. ඒ පිළිබඳ මගේ උදව් උවමනා නම් නොමිලේ දීමට මම සූදානම්. මෙම සභාවේ සිටින සෙසු පිරිසගේ ද සහාය ඔබතුමාට ලැබෙනු නිසැක ය.

අද දෙමළ ජනතාව අපේක්ෂාවෙන් බලා සිටිනුයේ ඔබ දෙසය. ඔවුන්ගේ බලාපොරොත්තු කඩ නොකළ මැනවි.

ඔබ එක් ප්‍රභාකරන් කෙනෙකු මරා දැමුවා. එහෙත් තවත් එවැන්නකු බිහි වීමට ඉඩ තැබිය යුතු නැත.

උතුරේ අවිගත් තවත් එවැන්නකු බිහිවීම වැළැක්විය හැක්කේ හොඳ හදවතක්, බුද්ධිය, සානුකම්පිත බව හා සාධාරණත්වය මත ගොඩනැඟෙන යහසාධනීය ප්‍රතිපත්ති මත පමණයි.

බුදුන් වහන්සේ ධම්ම පදයෙන් විස්තර කර ඇත්තේ, වෛරයෙන් වෛරය නොසංසිඳෙන බවත් වෛරය සංසිඳෙනුයේ කරුණා මෛත්‍රීයෙන්ම බවත් ය. නැවත අප පාරාදීසයකට රැගෙන යනු මැනවි.

source: silumina 10 3

No comments:

Post a Comment