FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

මංජු වන්නිආරච්චි බොක්සිං ඉතිහාසය රනින් ලියයි


ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසය වසර 72 කට පසුව අලුතින් ලියූ මංජු වන්නිආරච්චි වේල්සයේ ෂෝන් මැක්ගෝල්ඩ්‍රික් පරදවා බැන්ටම් වේට් රන් කිරුළ දිනා ගත්තේය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර තල්කතෝරා ක්‍රීඩාංගණයේදී ඊයේ තරගය නිමා වීමත් සමඟම ජනාධිපති මහින්ද රාජපක්‍ක්‍ෂ මහතා දුරකතනයෙන් මංජු වන්නිආරච්චි අමතා උණුසුම් සුබ පැතුම් පිරිනැමුවේය. ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතාගේ දුරකතනය මඟින් ජනාධිපතිතුමා සමග කතා කළ මංජු වන්නිආරච්චි අනතුරුව පැවසුවේ “ ජනාධිපති තුමා ක්‍රීඩාවට දක්වන ආදරය පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවයි” .

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ අධ්‍යාපනය ලද මංජු මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 56 බැන්ටම් වේට් බර පංතියේ අවසන් තරගයේ දී වේල්ස්හි ෂෝන් මැක්ගෝල්ඩ්ට තියුණු අභියෝගයක් එල්ල කරමින් රන් පදක්කම දිනා ගනු ලැබීය.


Sri Lankan star boxer Manju Wanniarachchi who won the gold medal in the 56 kg weight category class at the Commonwealth Games was congratulated by President Mahinda Rajapaksa.

Director General of Government Information Professor Ariyarathna Athugala said that the President’s congratulatory message was delivered through Sri Lanka High Commission in New Delhi

No comments:

Post a Comment