FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

රණවිරුවන්ගේ ගෞරවය රැකදීම මුළු මහත් ජාතියේම වගකීමක් - ජනපති


රණවිරුවන්ගේ ගෞරවයත්, අභිමානයත් රැකදීම ජාතියේම වගකීමක් බැවින් රණවිරු සුබසාධනය රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස වගකීමෙන් ඉටුකරන්න බව ජාතික රණවිරු දිනය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

නිදහස් කරගත් අප මාතෘභූමියේ කිසිදු බෙදුම්වාදයකට, ත්‍රස්තවාදයකට යළි මංපෙත් විවර නොවන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පණිවිඩයේ සඳහන් කරයි. එම පණිවිඩය මෙසේය.මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් අභීතව ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් සමරන ජාතික රණවිරු දිනය මේ වසරේදී සමරනු ලබන්නේ සැබෑම නිදහසක් උරුම කරගත් ජාතියක අභිමානයෙන් යුතුව ය.

මේ උදාර නිදහස ජාතියට උදා වූයේ යුද, නාවික හා ගුවන් හමුදාවල ද, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ ද සැම කළ අපරිමිත කැප කිරීම් නිසා ය. රණවිරුවෝ තම දෑස්, දෑත් - දෙපා සේම ජීවිතය පරිත්‍යාග කෙළේ මව්බිමේ නිදහස පිණිස ය. එමෙන්ම අනාගත පරම්පරාවට බියෙන් සැකෙන් තොර රටක් උදා කරනු පිණිස ය. ඒ නිදහස් රට අද අපේ ජාතියට උරුමව තිබේ.

නිදහස් කරගත් අප මාතෘ භූමියේ කිසිදු බෙදුම්වාදයකට යළි ඉඩක් නැත. ත්‍රස්තවාදයකට නැවත මංපෙත් විවර වන්නේ ද නැත. අප ඒ වෙනුවෙන් කැපවී සිටින්නේ නිදහස වෙනුවෙන් අසීමිත කැප කිරීම් කළ විරුවන්ට ද කරන උතුම් උපහාරයක් ලෙස ය. රණවිරු සුබ සාධනය ද රජයේ ප්‍රමුඛ කාර්යයක්ව තිබේ. ඒ අප විරුවන්ගේ ගෞරවයත්, අභිමානයත් රැක දීම ජාතියේම වගකීමක් වන නිසාවෙනි. ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ද වගකීමෙන් යුතුව මැදිහත් වීමට රජය පියවර තබා ඇත්තේ ඔවුන් ද අප ලැබූ නිදහස උදෙසා කළ කැපකිරීම් සිහි කරගෙනය.

සැබෑ ගෞරවණීය සාමයත් නිදහසත් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලු රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය පුද කරමු.

No comments:

Post a Comment