FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

දැය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් සැමරීම ජාතියේ යුතුකමයි - ආරක්ෂක ලේකම්


දැය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් සැමරීම ජාතික යුතුකමක් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික සැමරුම් වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි මෙසේද වේ.

අප මාතෘ භූමියේ ජීවත්වන සමස්ත ජනතාවගේම නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් වීරෝදාර රණවිරුවන් තම උතුම් ජීවිතය පරිත්‍යාග කොට ඇත. අද දවසේ අප සියලු දෙනාටම සාමකාමී පරිසරයක ජීවත්වීම උදෙසා දීර්ඝ කාලයක් ත්‍රස්තවාදයට එරෙහිව සටන්වැදි රණවිරුවන්ගේ කැපකිරීම සුවිශේෂී වේ. අප පරම්පරාවේ කැප කිරීම් තුළින් අපගේ දූ දරුවන්ගේ හෙට දවස නිර්මාණය කළ යුතුව ඇත. ඔවුන්ට යහපත් අනාගතයක් උදාකරලීම පිළිබඳ පෙර නිමිති මේ මොහොතේ අප හැම දෙනාටම අත්විඳීන්නට හැකිවීම මහත් වූ භාග්‍යයකි.

වීරෝදාර රණවිරුවන් ඔවුන්ගේ උතුම්ම කැපකිරීම ලෙස තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජාකොට ඇත. අප සියලු දෙනා එම කැප කිරීම කිසිදු දවසක අමතක නොකළ යුතුය. එය හෙට දවසේ උපදින දරුවන්ගේද යුතුකම වනු ඇත. ඒ උතුම් පූජාව තුළින් අප සෞභාග්‍යමත් ජාතියක් ලෙස ගොඩනැගීමේ අඩිතාලම නිර්මාණය කොට තිබේ. අද දවසේ අප සියලු දෙනාගේම වගකීම හා යුතුකම වන්නේ මිල කළ නොහැකි කැප කිරීම් තුළින් අත්පත් කර ගත් ජයග්‍රහණය ගැන සිහිපත් කොට සංවර්ධනය කිරීමේ කාර්යයට එනම් යහපත් වූ හෙට දවසක් මව් බිමට උදාකරලීම සඳහා කැප වීමෙන් කටයුතු කිරීමයි.

සියල්ල තුළින් සමස්ත ශ්‍රී ලංකාවාසීන් අමතක නොකළ යුතු සුවිශේෂී කාරණය වන්නේ දිවිදුන් රණවිරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන්, දූ දරුවන් සහ ක්‍රියාන්විතයේදී ශරීරාංග කැප කළ රණවිරුවන්ගේ සුබ සාධනය සහ ඔවුන් රැක බලා ගැනීමේ කාර්යයි.

සමස්ත ජාතියේම උත්තමාචාරය රණවිරුවන් වෙත පිදෙන ජාතික රණවිරු දිනයේදී මේ කාර්ය සාර්ථක කීරීමට දායක වන ජාතික හා පළාත් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ උත්සව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රණවිරුවන් සැමරීමට කටයුතු කරන සියලු දෙනා ජාතික යුතුකමක් ඉටු කරනු ලබන බව සිහිපත් කරමි.

No comments:

Post a Comment