ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයා මීට දින දෙකකට පෙර අපූරු කතාවක් කීවේ ය. එනම්; ශ්‍රී ලංකාව ඇතැම් ආර්ථික ක්ෂේත්‍රවලදී ඉන්දියාව අභිබවමින් ඉදිරියට යන බවය. ව්‍යාපාර පිහිටුවීම අතින් ලෝකයේ හොඳම රටවල් තිහ අතර ශශ්‍රී ලංකාව ද තිබේ. සංචාරක කර්මාන්තය අතින් ද අපි පෙරමුණට පැමිණ සිටිමු. මේ තත්ත්වයන් ඉබේ පහළ වන්නේ නැත. අමෙරිකාවේ ප්‍රකට ආයෝජකයෝ පිරිසක් ශශ්‍රී ලංකාවේ දී තම ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් කරති. ඊට අදාළ මූලික සාකච්ඡා දැන් පැවැත්වේ.
ශ්‍රී ලංකාව ගැන විවිධ ආර්ථික නිර්වචන මේ වනවිටත් ඉදිරිපත්ව තිබේ. ඇතැම් අදහසකට අනුව ආසියාවේ දියුණුම රාජ්‍යයන් ලෙස සලකනු ලබන චීනය, ජපානය, ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව වැනි රටවල වාර්ෂික ආර්ථික වෘද්ධියට සමාන වාර්ෂික ආර්ථික වෘද්ධියක් ඊළඟ වසරේ දී ශ්‍රී ලංකාව සටහන් කරනු ඇත. ඊළඟ දසකය තුළ ලෝකයේ දැවැන්ත ආර්ථිකය හිමි කරගනුයේ චීනයයි. චීනයෙහි ආර්ථික වර්ධනයට සමාන තත්ත්වයක් සාපේක්ෂ ලෙස ගොඩනැගිය හැකි නම්; ශ්‍රී ලංකාව වසර සිය ගණනකට පසු ආර්ථික වශයෙන් ලබන අංක එකේ ජයග්‍රහණය එයම වේ.
අපගේ ගමන් මඟෙහි ප්‍රතිඵලය නැතහොත් ඉලක්කය සාර්ථක වන්නේ ද? අසාර්ථක වන්නේ ද? යන්න නිශ්චය කළ හැක්කේ මෙරට ජනතාව ඉහත කී මහින්ද චින්තන – ඉදිරි දැක්ම වැඩපිළිවෙළ පිළිගෙන ඒ අනුව කැපවීමකින් කටයුතු කළහොත් පමණි. එම වැඩපිළිවෙළ හා දැක්ම ජනගහනයෙන් බහුතරය පිළිගන්නා බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී යයි. එහෙත් ප්‍රායෝගික වැඩසටහනක් ලෙස එය සාර්ථක වනුයේ අංශ ගණනාවක ක්‍රියාත්මක වීම මත ය. එක් අතෙකින් රාජ්‍ය අංශය කාර්යක්ෂම විය යුතු ය. තව අතෙකින් පෞද්ගලික අංශය ද සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතුය. මීට අදාළ අනෙකුත් අංශ ද උපරිම ලෙස යහපත් ඉලක්ක කරා ගමන් කළ යුතුය.
මෙලෙස ක්‍රියාත්මක වීමේදී බලපවත්වන බාධාවන්ද තිබේ. අවහිර කිරීම් ද තිබේ. මේ අනුව නීතිය, අධ්‍යාපනය, දේශපාලනය, පොලීසිය, සදාචාරය වැනි ක්ෂේත්‍රයන් කෙරෙහි අලුතින් කල්පනා කරන්නට කාලය දැන් එළඹ තිබේ. නිදසුන් කිහිපයක් දක්වතොත් ගෙවීගිය සතිය තුළ සදාචාර විරෝධී සාහසික අපරාධ ගණනාවක් මෙරටින් වාර්තා විය. වයස අවුරුදු දාහතරක පාසල් ශිෂ්‍යාවක ගැබ්ගෙන දරුවකු ප්‍රසූත කළාය. දැන් ඇය අම්මා කෙනෙකි. මේ අපරාධයට වගකිව යුත්තා පෙදරේරුවෙකි.
රටක ගමන්මඟ තීන්දු කිරීමේදී ඇතැම් නීති වෙනස් කළ යුතුව තිබේ. ඇතැම් සම්ප්‍රදායයන් හා සිරිත් ද වෙනස් කළ යුතුව තිබේ. පොළොන්නරුවේ සංවර්ධනය පිළිබඳ නිරීක්ෂණය කළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ පළාතේ සිදුවන අයහපත් ක්‍රියා ගණනාවක් ගැන අසන්නට ලැබිණි. එක කතාවකින් කියැවුණේ ඉඩම් හා කුඹුරු අත්පත් කරගැනීමේ අභිලාසය මත ඉතා ළාබාල ගැහැනු දරුවන් බලහත්කාරයෙන් විවාහ කර දෙන බවය. ඉඩම් ලබාදෙන සම්ප්‍රදායට අනුව ප්‍රමුඛතාව ලැබෙනුයේ විවාහකයනට ය. තවත් අතෙකින් තරුණියකගේ දෑවැද්ද ලෙස ද ඉඩම් හා කුඹුරු ප්‍රදානය කරනු ලැබේ.
සදාචාරය හා විනය ආරක්ෂා කිරීමට බැරි නීති පද්ධතිවලින් වැඩක් නැත. නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී ඇති නිලධාරීන් ගැටලුවලින් කර හරින්නේනම්; ඒත් පලක් නැත. රජරට පළාතේ ගැහැනු දරුවන් නිසි වයස එළඹෙන්නට පෙර විවාහ කරවනුයේ කව්රුන්ද? විවාහ ලේකම්වරුන් ය. ඔවුන්ගේ අතයට මුදල් තබා තවත් සංග්‍රහයක් කළ විට වයස නැතත්; පොතෙහි අස්සන ඉබේම වැටෙනු ඇත. මෙබඳු අයහපත් නිලධාරීනට එරෙහිව වහාම ක්‍රියා කරන්නැ’යි ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ඒ හැරෙන්නට ඉඩම් පිළිබඳ නීතිය වෙනස් කොට තරුණ පරම්පරාවට තම අයිතිය ලබාගැනීමට අවස්ථාව උදාකළ යුතු බව ද ජනාධිපතිවරයා කියා තිබේ.
ඈත පළාත්වල පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට ජනාධිපතිවරයා වරින් – වර සහභාගී වේ. එය ඉතා හොඳ ආදර්ශයෙකි. අරලියගහ මන්දිරයේ සිට ප්‍රශ්න විසඳන ක්‍රමයක් එතුමා ළඟ තිබුණේ නැත. යුද්ධය පවතින සමයේ පවා මහින්ද මහතා රට වටා ගමන් කළේය. රාජ්‍ය නායකයාට රට ගැනත් ජනතාව ගැනත් පුළුල් වැටහීමක් තිබිය යුතුය. එම වැටහීම නිසා අපේ රාජ්‍ය නායකයා නිවැරැදි තීන්දු ගනී. වෙනස් කළ යුතු දේ වෙනස් කරයි. ශක්තිමත් හා කල්පවතිනා දේශපාලන දැක්මක හරය ඒ තුළ තිබේ.
උපුටා ගැනීම : දිනමිණ කතුවැකිය: 10-5
අපි ඔබ සමගයි ජනාධිපතිතුමනි
ReplyDelete