FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

මූන්ගේ කමිටුවට සන්ධානයේ විරෝධය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මුන් මහතාගේ කමිටුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය විරෝධය පළ කරයි. එම වාර්තාව සත්‍ය තොරතුරු සොයා බැලීමෙන් තොරව සකස් කළ ඒකපාර්ශ්වීය වාර්තාවක් බවට සන්ධානය පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් සන්ධානයේ මහලේකම් වරයා පවසන්නේ අප රටට යුද අපරාධ චෝදනා එල්ල කිරීම එහි ප්‍රධාන අරමුණ වන බවය.

මහලේකම්වරයාට උපදෙස් දීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ඒකපාර්ශ්වීය සාවද්‍ය තොරතුරු මත වාර්තාව ඉදිරිපත් කර ඇති බව පවසන සුසිල් ප්‍රේමජයන්ත් මහතා ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබුණේ නැති බවත් තිබුණේ මානුෂීය මෙහෙයුමක් බවත් පවසයි. ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදයෙන් ජනතාව මුදාගැනීම පමණයි. එම සංවිධානය ලෝකයේ රටවල් ගණනාවක තහනම් සංවිධානයක්. එහෙත් මේ වාර්තාවේ සඳහන් වන්නේ අවසන් අදියර ගැන පමණක් බවද ඇමැතිවරයා පවසයි.

එල්. ටී. ටී. ඊ සංවිධානය වසර 30 තුළ සිවිල් ජනතාව, රාජ්‍ය නායකයන්, හමුදා නායකයන්, දේශපාලනඥයන් ඝාතනය කළ බවත්, එම සංවිධානය මෙරටින් තුරන් කිරීමට නායකත්වය දුන් ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, රණවිරුවන් ඉලක්ක කර චෝදනා කිරීමත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මැදිහත්වීමට ප්‍රයත්න දැරිමත් දැඩි සේ හෙළා දකින බවත් පවසන මහලේකම්වරයා මෙම වාර්තා සකස් කිරීමේදී ඇතැම් දේශපානඥයින් මෙරටදී සහ විදේශවලදී වාසි තකා සිදුකරන ලද ප්‍රකාශද පදනම් වී ඇතැයි ද පවසයි.

මේ වාර්තාව මඟින් ජාත්‍යන්තරයට ගෙනයන කුමන්ත්‍රණය පරාජය කිරීමට දේශහිතෛෂී සියලු ජනතාව එක්වන මෙන් ඉල්ලා සිටින මහලේකම්වරයා, මානුෂික මෙහෙයුමෙන් පසු ජනවර්ග අතර සමගියත් රටේ ආරම්භ කළ සංවර්ධනය නවතා දමා රට දෙකඩ කිරීමටත්, ජනවර්ග අතර බෙදීමක් ඇති කිරීමට කටයුතු කිරීම ජගත් සංවිධානයට තරම් නොවන බවත්, මහලේකම්වරයා පවසන අතර මේ සඳහා දේශප්‍රේමී සියලු ජනතාව සහ සන්ධානයේ හවුල්කාර පක්ෂවල පූර්ණ සහාය ලබාදෙන බවද පවසයි.

No comments:

Post a Comment