FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

ජේ.ආර්ගේ ‘ඒකාධිපතියා’ පන්නන්න ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා

තමා සූදානම් වන්නේ වත්මන් ඒකාධිපති ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

සමහරු කියනවා මම ඒකාධිපති පාලනයකට යන්න හදනවා කියලා. මේ ව්‍යවස්ථාව ගෙනාවේ මම නෙමෙයි. මම හදන්නේ ඒකාධිපති ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බව රාජපක්ෂ මහතා කීය.

තමාට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තුවට බලය පැවරෙන ජනතා හිතවාදී ලෙස වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බවද ජනාධිපතිවරයා කීය.

දහහත් වැනි සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාවට පත්වන්නේ ජනතා ඡන්දයෙන් තේරුණු පුද්ගලයන් නොවන බව පැවැසූ ජනාධිපතිවරයා එම තත්ත්වය අහෝසි කිරීම සඳහා නව සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට බලය ලබාදීමට කටයුතු කර තිබෙන බවත් කීවේය.

“කලින් ව්‍යවස්ථාව අනුව මේ සභාවට සාමාජිකයන් තේරුවේ දේශපාලන නායකයන්. ඒ සාමාජිකයන් කාටවත් වග කියන්නේ නැහැ. එතැනදී පරිපාලනය අවුල් වෙනවා. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඒ ගැන හොයන්න බැහැ.

ඒ නිසයි මම පාර්ලිමේන්තුවට බලය දුන්නේ. පාර්ලිමේන්තුව තමයි උත්තරීතර බලය” යැයිද ජනාධිපතිවරයා සඳහන් කෙළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ බදුල්ල ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පෙරේදා (04) පැවැති ඌව පළාත් සභා සමුළුවට එක්වෙමිනි.

ඌව පළාතේ මහා සංඝරත්නය සමඟ පැවැති මේ සමුළුවේදී සංඝරත්නය ඉදිරිපත් කළ ගැටලුවලට සාවධානව කන් දුන් ජනාධිපතිවරයා ඒවා විසැඳීමට අවශ්‍ය පියවර ගත්තේය. මගේ කාලය දික්කර ගන්න මට අවශ්‍ය නැහැ. ඒත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. හැකි වාර ගණන වැඩි කරනවා. මේක ඒකාධිපතිකමක්ද? ජනාධිපතිවරයා ප්‍රශ්න කෙළේය.

මේක නොකළොත් මට අවසන් අවුරුදු හයේ දී වැඩක් කරන්න බැරි වෙනවා. හිටපු ජනාධිපතිවරුන්ටත් මේකවුණා. නිලධාරින් ටයි එකත් මාරු කරයි. ඇමැතිවරුන් රණ්ඩු වෙයි. එහෙම බැහැ. මට මේ අවුරුදු හය රට පාලනය කරන්න ඕනේ ජනතාව වෙනුවෙන්” යැයි ජනාධිපතිවරයා කීවේය.

“අපට විහිළු කර කර ඉන්න වෙලාවක් නැහැ. ජනතාව වෙනුවෙන් මේ රට ගොඩනඟන්න ඕනේ. අපට ඒ පිළිබඳ වගකීමක් තිබෙනවා” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

බදුල්ල, මුතියංගණ රජමහා විහාරාධිකාරි මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ ඌව පළාත් තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයත්, ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්දමැතිව්, මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

dinamina 9 6

No comments:

Post a Comment