FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

ඓතිහාසික කැබිනට් රැස්වීම අද කිලිනොච්චියේ දී

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමුවරට අමාත්‍ය මණ්ඩල රැස්වීම කිලිනොච්චියේ දී අද (14) පැවැත්වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ රැස්වීම කිලිනොච්චි බළසේනා මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක දීම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළ යටතේ මුල්ම රැස්වීම කිලිනොච්චියේ දී අද (14) පැවැත්වේ.

කැබිනට් රැස්වීමට සහභාගි වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදාව සහ පොලීසිය ඒකාබද්ධව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරු කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමකට ද සහභාගි වෙති.

No comments:

Post a Comment