FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

බස්නාහිර එජාප ඡන්ද සටන වෙනදාටත් වඩා දුර්වලයි

-ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන

බස්නාහිර පළාත් සභා ඡන්ද සටනේ එක්සත් ජාතික පක්ෂය මුහුණ දෙන්නේ අනිකුත් පළාත් සභා මැතිවරණ ව්‍යාපාරවලට සහභාගිවූවාටත් වඩා ඉතාමත් දුර්වල මට්ටමින් හා පරාජිත ස්වභාවයෙන් යයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.

නායකත්වය රැක ගැනීමේ සටනක නිරත වෙමින් සිටින එ.ජා.ප. නායක හා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ ඉතා අසීරුවෙන් බවත් අද එතුමා ශෝචනීය තත්ත්වයකට පත්වී සිටින බවත් කීය.

ශ‍්‍රීලනිපයේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බස්නාහිර පළාත් සභා ඡන්දය වෙනුවෙන් ශ‍්‍රීලනිපය ඇතුළු එජනිස මැතිවරණ ව්‍යාපාරයටම නායකත්වය ලබාදෙමින් නිසි උපදෙස් හා මඟපෙන්වීම් ලබා දෙන බවත් පෙන්වා දුන්නේය.

බස්නාහිර පළාතේ කොළඹ – කළුතර, ගම්පහ අපේ කණ්ඩායම් ජයග‍්‍රාහී ලෙස ඉදිරියට යන බවත් එ.ජා.ප. ආධාර කණ්ඩායම් ද අනිකුත් කණ්ඩායම්වල සහයෝගය ද ලැබෙමින් පවතින නිසා මෙම මැතිවරණයෙන් ද අපෙ‍්‍ර්ල් 25 වැනිදා විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගන්නා බවද මෛතී‍්‍රපාල සිරිසේන මහතා කීය.

Cap - Silumina 4 5

No comments:

Post a Comment