FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ පණිවිඩය


ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරනුයේ මහත් සතුටින් යුතුවය.

අප විසින් අපරිමිත කැප කිරීම් සිදුකරන ලදු ව මෙරටට නැවත උරුම කර දුන් නිදහසේ සැබෑ ඵල නෙලා ගැනීම සඳහා යෝධ සංවර්ධන ක්‍රියාවලියක් රට පුරා දියත් කර තිබේ.

එතුළින් අප බලාපොරොත්තු වන්නේ දිනූ දේශයේ ළමුන් හා කාන්තාවන් ඇතුළු සෑම පුරවැසියෙකුට ම යහපත් හා තෘප්තිමක් අනාගතයක් උදා කිරීමයි.

එහි සංවර්ධන ක්‍රියාවලිය සඳහා භේදයකින් තොර ව කාන්තාවන්ගේ උපරිම සහභාගීත්වය ලබා ගැනීම සඳහා ඔවුන්ට සියලු අවශ්‍යතා සැලසීම කාලීන අවශ්‍යතාවකි. එය තහවුරු කරමින් ‘දේශයේ ගොඩනැඟුමට ඇයගේ දැනුම හා ශක්තිය’ යන තේමාව යටතේ 2011 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම කාලෝචිතය.

පවුල තුළ, ප්‍රජාව තුළ හා රටේ සමස්ත ආර්ථිකය තුළ කාන්තාව ඉටු කරන මෙහෙය ඉමහත් ය. එයට අප ජාතියේ ප්‍රණාමය රටේ කාන්තා පරපුර වෙත නිතැතින් ම හිමිවේ. නව දැනුම, තාක්ෂණය හා යහපත් ගුණාංගවලින් ඇය තවදුරටත් ශක්තිමත් කර ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමේ කර්ත්‍යවයට ඇයගේ දායකත්වය උපරිම ලෙස ලබා ගැනීමට ඔබ සැමගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරමි.

ජාත්‍යන්තර කාන්තා දිනය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!යි මම ප්‍රාර්ථනා කරමි.

No comments:

Post a Comment