FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

පුංචි ඡන්දයට සන්ධානය සූදානම් පොදු එකඟතාවකට පැමිණි බව අගමැති කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොදු එකඟතාවයකින් තරඟ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියලු පක්ෂ ඊයේ (23) තීරණය කළ බව අගමැති දි.මු.ජයරත්න මහතා පැවැසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව අගමැති දි.මු.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (23) පැවැති අතර එහිදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

පළාත් පාලන ආයතන 301 ක් සඳහා මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය (20) දා සිට නාම යෝජනා කැඳවා තිබුණි.

එම ආයතන 301 සඳහා ම එක්සත් ජනතා නිදහස් සන්ධානය කරඟ කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරුණ අපේක්ෂකයන් සඳහා වැඩි ඉඩ කඩක් ලබා දී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබා ගැනීමට අති විශාල පිරිසක් ඉදිරිපත් වී සිටීම සුවිශේෂී ලක්ෂණයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකත්වය ඉල්ලා අයදුම්පත් දස දහසකට වැඩි ප්‍රමාණයක් පක්ෂ මූලස්ථානයට ලැබී තිබූ අතර ඒ අය අතුරින් සමාජ පිළිගැනීමක් ඇති, බුද්ධිමත්, විනය විරෝධී චෝදනා නොමැති සුදුස්සන්ට පමණක් අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාම යෝජනා මණ්ඩවලට උපදෙස් ලබා දී තිබිණි.

දැනට පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව නියෝජනය කරන අයගේ සමීපතම ඡාතීන්ට පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා නොදීමට ද නාම යෝජනා පිළිබඳ ජාතික කමිටුව තීරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණයේ කටයුතු මෙහෙයවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත්කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එම කමිටුවට අගමැති දි.මු. ජයරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම යන ඇමැතිවරු ඊට අයත් වෙති.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවට අමතරව නාම යෝජනා ජාතික කමිටුවක් පත්කර තිබේ. දිස්ත්‍රික් මට්ටමින්ද, පළාත් මට්ටමින්ද නාමයෝජනා කමිටු පත්කර තිබූ අතර ඒ සියලු කමිටුවල වාර්තා සළකා බැලීම අගමැති දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැති රැස්වීමේදී සිදු කෙරිණි.

No comments:

Post a Comment