සම්බුදු තෙමඟුල ලොවපුරා බෞද්ධ බැතිමත්හු අද උත්සවශ්‍රීයෙන් සමරති. ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සපිරෙන මෙම වෙසඟ දින අසිරිමත් කරන්නට රජය සුවිශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාවාසී බෞද්ධ බැතිමත්හු ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් වෙසක් උත්සවය සමරන්නට මහත් උද්‍යොගයෙන් එක්වී සිටිති.
දාන, සීල, භාවනා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් වෙසක් දන්සල් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. තොරණ, වෙසක් කූඩු සැරසිලි ආදියෙන් රටම චමත්කාර වී ඇත.
දිස්ත්‍රික්ක ගණනාවක වෙසක් කලාප ලෙස නම්කොට සතියක් පුරා උත්සව සංවිධාන කර ඇත. 2555 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සමඟ ත්‍රස්තවාදී ජයග්‍රහණය ලැබ නිදහස්ව සමරා ප්‍රථම වෙසක් උත්සවයට ප්‍රථම වරට යාපනය, මඩකළපුව දිස්ත්‍රික්කයන්හි වෙසක් කලාප නම් කර වෙසක් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබේ.
මෙවර කොළඹ හා අවට ප්‍රදේශවල තොරණ 15ක් ඉදිකර තිබේ. ඉන් 08ක් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබේ.
පිටකොටුව බැස්ටියන් මාවත, ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස්හන්දිය, තොටළඟ, දෙමටගොඩ, බොරැල්ල හන්දිය, කොම්පඤ්ඤවීදිය, ගංගාරාමය, වැලිකඩ මැගසින් බන්ධනාගාරය අසල, කුරුඳුවත්ත, බෞද්ධාලෝක මාවතවල තොරණ ඉදිකර තිබේ. මීට අමතරව පෑලියගොඩ, කැලණිය, කිරිබත්ගොඩ, රාගම, කඩවත, පිළියන්දල, මොරටුමුල්ල යන ප්‍රදේශයන්වලද තොරණ ස්ථාපිත කර ඇත.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව කැලණි රජමහා විහාරය, බෙල්ලන්විල රජමහා විහාරය, කතරගම කිරිවෙහෙර, අනුරාධපුර අටමස්ථානය, පොළොන්නරුව ගල් විහාරය, තිස්සමහාරාම රජ මහා විහාරය, යාපනය නාගවිහාරය, ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැසක අද ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් පෙහෙවස් සමාදන්ව සිටිති. බදුල්ල මුතියංගණ රජමහා විහාරය කේන්ද්‍රකරගනිමින් ජාතික වෙසක් මහෝත්සවයද අද දවසපුරා පැවැත්වේ.
No comments:
Post a Comment