FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

PRESIDENT RETURNS TO THE ISLAND AFTER A SUCCESSFUL THREE DAY INDIAN VISIT


President Mahinda Rajapahsa returned to the Island after a successful three day official visit to India. A presidential; spokesman speaking to the news.lk over the phone said that the Srilankan airline flight carrying President and his entourage touched down sharp at 4.15 pm at the Katunayaka Air port.

During this visit Sri Lanka entered into seven agreements with India

New Delhi welcomes Sri Lankan President with Guard of Honour


The Official welcoming ceremony for the visiting Sri Lankan President who arrived in Dew Delhi last (8) evening was held a short while ago at the President's Palace the Rasthrapathi Bawan.A Guard of Honour was held in honour of the President with gun salutes. The Indian President Prathibha Patel and the Prime Minister Dr. Manmohan Singh were in attendance at the time of Guard of honour.

Soon after the Guard of Honour the President and his entourage visited the Gandhi Samadhi where President laid wreath to pay his respect to the late great leader of Maha Baratham.

The official bilateral talks between the Indian and the Sri Lankan delegation will be held this noon at the Prime Minister’s officeHyderabath House. Sri Lanka and India are to enter into several agreements at this luncheon meeting

Reconstruction and reconciliation, economic partnership, resettlement and defence will be on the agenda for discussions in the bilateral talks between India and Sri Lanka.
Source Wednesday, 09 June 2010 news.lk

40 වසක දේශපාලන දිවිය අගයා ජනපතිට ශ්‍රීලනිපයෙන් සම්මාන










හතළිස් වසරක දේශපාලන ගමන් මගේ අභිමානයත් සමඟින් පක්ෂයත් රටත් රැකගෙන පෙරට යන ගමන වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපහාර ලබයි.

එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අරලියගහ මන්දිරයේ දී ඊයේ (07) රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා වෙත මේ උපහාරය පුද කෙළේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අගමැති දි. මු ජයරත්න, මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, භාණ්ඩාගාරික යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහත්වරු ජනාධිපතිවරයා වෙත මේ උපහාරය පුද කළහ.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තු පැමිණ වසර හතළිහක් ගෙවෙන මොහොතේ රැස් වූ ශ්‍රීලනිප කාරක සභාව එතුමන්ට ගෞරවණීය ආචාරය පුද කර සිටියේ ය. සර්වාගමික ආශිර්වාද මැද ඇරැඹුණු මේ අභිමානවත් උත්සවය ප්‍රථමයෙන් සිය පක්ෂයේ ආදී කර්තෘවරුන්ට, දේශය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට ගෞරව පුද කෙළේ ය. අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අභිමානවත් වූ සභාවේ අරමුණ පැහැදිලි කෙළේ ය.

පසුගිය ජනාධිපතිවරණයේ දී සියයට 65ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවූ ආසන සංවිධායකවරුන්ට ප්‍රථමයෙන් ස්වර්ණ තිළිණ සම්මාන පිරිනැමිණි.

ආසන සංවිධායකවරුන් 42 දෙනකු මෙහි දී සම්මාන දිනූ අතර එහි ප්‍රථම ස්ථානය සියයට 71ක ප්‍රතිශතයකින් කරන්දෙණිය ආසනය ජයග්‍රහණය කරවන ලද සංවිධායක ඇමැති ගුණරත්න වීරකෝන් මහතාට පිරිනැමිණි. දෙවැනි ස්ථානය හිමි වූයේ සියයට 70.66ක ප්‍රතිශතයක් ලැබූ හක්මන ආසන සංවිධායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන වන අතර තෙවෙනි ස්ථානය සියයට 70.59ක ප්‍රතිශතයකින් තංගල්ල ආසනය ජයග්‍රහණය කරවන ලද මහින්ද අමරවීර නියෝජ්‍ය ඇමැතිවරයාට හිමි විය. 2010 ජනාධිපතිවරණයේ දී තීරණාත්මක අභියෝගවලට නොබියව මුහුණ දෙමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන් අම්බලන්ගොඩ ආසන සංවිධායක, දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතාට ද ස්වර්ණ තිළිණ විශේෂ සහතික පත්‍රයක් පිරිනැමිණ.

එසේම ජනාධිපතිවරණයේ දී පළාත් මට්ටමින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානවලට ඡන්ද ලබා ගත් ආසනවල සංවිධායකවරුන්ටත් ස්වර්ණ තිළිණ සම්මාන පිරිනැමිණ.

අනතුරුව පසුගිය මහ මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ස්වර්ණ තිළිණ සම්මාන පිරිනැමිණ.

එහි ප්‍රථම ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 425861 ක් ලැබූ බැසිල් රාජපක්ෂ, කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 280672ක් ලැබූ විමල් වීරවංශ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාව 186140ක් ලැබූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් විසින් දිනා ගැනිණි.

මහ මැතිවරණයේ දී දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතය ගත්’ මන්ත්‍රීවරුන්ටද ස්වර්ණ තිළිණ ජනාධිපතිවරයා අතින් පිරිනැමුණු අතර එහි ප්‍රථම ස්ථානය සියයට 84.4 ඡන්ද ප්‍රතිශතයක්’ ලැබූ නාමල් රාජපක්ෂ, දෙවන ස්ථානය සියයට 75.9ක් ලැබු මෛත්‍රීපාල සිරිසේන තෙවන ස්ථානය සියයට 72.2ක් ලැබූ බැසිල් රාජපක්ෂ මහත්වරු දිනා ගත්හ.

පසුගිය ජනාධිපතිවරණයේ දී දිවයිනේ ඉහළම ඡන්ද ප්‍රතිශතය ගත් ආසනය වූ කරන්දෙණිය ආසනයේ සංවිධායක නියෝජ්‍ය ඇමැති ගුණරත්න වීරකෝන් මහතාට ද මෙහි දි සම්මානයක් පිරිනැමිණ.

Report from dinamina ධනුෂ්ක ගොඩකුඹුර june 8